Tuesday, September 8, 2015

110. මේ කේතුමතී නුවරයි





මේ කේතුමතී නුවරයි
උයන් තුරු නේක මලින් ගහණයි
මේ සිහිල් වසත් සමයයි
පොකුණුද සීත දියෙන් උතුරයි

මහ රජුත් පයින් ගමනේ
නිළමේ වඩිත් දකුණු පසිනේ
තද රත් පීත්ත පටි කැපුනේ
ළපැටි මුව හාදු දෙකක් රැඳුනේ

බර අළු වළාපෙලට පහළින්
නියං සහනාධාරය ගෙට ගන්
ප්‍රතිශතේ සීයට විසිපහකින්
අඩු කලා ඉතින් ඇපල් කාපන්

ඇපල් බර වැඩි ඈයන් වෙනුවෙන්
පැපොල් දෙමි රිදී තිහක් අඩුවෙන්
සහල් පොල් මහා දනක් සමගින්
සිහිල් දිය බෝතල්කර ගෙනඑන්

දුගී දර්ශක ඇත වලපල්ලේ
දනන් මහ සැණකෙලි ඔංචිල්ලේ
දිරූ ලණු දෙපොටක කෙඳිරිල්ලේ
හඬත් වියැකුනි  ගී කෙලිලොල්ලේ


(2014, සැප්තැම්බරයේ ලිව්ව එකක්)



4 comments:

  1. හික්... මේ මොනවා කියනවද බස්සියෝ... දැන් ඒ ඔක්කොම රාජශ්‍රිය අහවරයි නොවැ... දැන් ඔන්න කැලෑ වැදිලා උන්නු කොටි පැනල මේ ඉසව්වට, ඉන්ට බෑ කොහිල කටු ඇනෙනවා....

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඒක නෙව උහුලන්න බැරි. කොටියා කාල මලත් සැපයි.

      Delete