Thursday, September 3, 2015

109. ජීවිතේ පොඩි නෙල්ලි ගෙඩියක්!





නිදා හුන් මල් මුවට
රත්තරන් ඉඳිකටු අනින
උදා ලා හිරු කිරණ
ඉනික්බිති මල් සුවඳයි
කතාවෙහි හැම අකුරම

සීතලව මියැදෙන්න යනකොට හදවත
ඊතල පහර වුව අමා ඔසුවක්
විෂ බිඳක් කියන්නෙත් බෙහෙතක්
මල් සුවඳ දැනුනත්
බාඳුරා කියන්නේ උගුලක්

ජීවිතේ කියන්නෙම
පොඩි නෙල්ලි ගෙඩියක්!


4 comments:

  1. රස හතම තියෙනවා තිත්ත රසයත් එකක්

    ReplyDelete
  2. මියැදෙන්න හදන හදවතට
    හී සරත් මල් සරක්
    හලාහල නම් මධු විතක්
    කොටින්ම...
    ජීවිතය කියන්නෙම
    පොඩි නෙල්ලි ගෙඩියක්

    ජයවේ බස්!

    ReplyDelete