Friday, August 14, 2015

96. ක්ෂුද්‍ර කවි මා වටා නටන්නේ






සුලං පිඹ පිඹ තුරුපත් නටන්නා මෙනි
ක්ෂුද්‍ර කවි මා වටා නටන්නේ
ඉඟුරු සුවඳැති දුමක් ඉහළට පා කර
අත මානයේ තේ බඳුනකිය නිමෙන්නේ

මෙතැන මේ සෝෆාව මත හිම මිදෙන්නේ
මම මිදෙන්නේ
හඬක් නොනගා මියෙන්නේ

11 comments:

  1. ක්ෂුද්‍ර කවි කෙල කෝටියක් ලියහං.
    .

    ReplyDelete
    Replies
    1. කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්,
      කෙල කෝටියක් කියන්නේ?

      Delete
  2. බස්සී ඉඟුරු තේ බොන්න ගොඩා..ක්.. ආසයි වගේ.. :)

    ReplyDelete
    Replies
    1. ඇහ්. නෑ. මං ආසා කෝපි බොන්න.

      Delete
  3. බස්සො සෝපා පාවිච්චි කරනව එහෙනම්. හා.... ඇයි මේ තේත් බොන්නෙ.....

    ReplyDelete
    Replies
    1. බස්සන්ට බ්ලොග් ලියන්න පුලුවන්නම් සෝෆාවෙ ඉඳගෙන ඉඟුරු තේ බිව්වම මක්ක වෙනවැයි?

      Delete
  4. මේක නම් ටිකක් තේරුම් ගත්තෝ වටේ උන්ගේ පිහිටෙන්

    ReplyDelete
    Replies
    1. වටේපිටේ කවුද හිටියෙ? :)

      Delete
  5. කවි ක්ෂුද්‍ර වුණාට අර්ථය සාර්වයි.......

    ReplyDelete