සියුම් සුදු පැහැ නූල් සහසක
මල්කම්ද ලියකම්ද අමුණාය
දිග මඟුල් ගවොමක් ගොතන්නේ
සුදුමැලි මකුළු මහතාය
දවස් එක දෙක ගෙවීයන හැටි
හාංකවිසියකුත් නැතුවාය
කණමැදිරි පහනක් නැතත් ළඟ
කළුවරෙත් ඇස් හොඳට පෙනුනේ ය
ඉරේ රැස් කෙඳි විසුරවන්නට
පලින් පල පිණි කැටද රන්දාය
පාන්දර වෙනතුරා අවදිව
සුදෝසුදු කැටයම්ද ඇන්දාය
දේදුන්නකින් වැටුන දඟකාර මැසි දැරිය
පුරුදු විදියට හෙටත් එනවාය
ඈ ගාව දණ නමා සේද මුදුවක් දමා
ආදරේ ඇගෙන් අයැදිනවාය
තැලි පිලි අන්දවනවාය
සේද නූලෙන්ම සරසනවාය
මලක් වාගෙම පරෙස්සම් කර
බිත්ති මුල්ලට කැන්දාන යනවාය
ඒකනම් මරු කවියක්.
ReplyDeleteතැන්කූ යාලු!
Delete100 ට සුබ පැතුම්!
ReplyDeleteතැන්කූ රූපේ!
Deleteමකුළු ආදරය නියෙමට ඉස්ටඩි කොල්ලා ලියාපූ වල්ලා පට්ට කයි පද බැඳීමකි...
ReplyDeleteහෙහේ බොහොම ස්තුතියි මාතලන්!
Deleteසුපර්................... අගෙයි............ අාය මීටත් වඩා මොනවා කියන්නද?????
ReplyDeleteබොහොම ස්තුතියි කුරුටු!
Deleteගිහින් යුෂ උරා බොනවාය...
ReplyDeleteවිහිලුවට කීවේ බස් ඕකේ
ලස්නයි කදිමයි
ජයවේ
එහෙම නෑ මකුළුවා ආදරෙයි. :P
Deleteතැන්කූ වර්ණ!