Thursday, August 6, 2015
88. චන්දරේ
නුගේගොඩ හන්දියේ - මද්දහන් ගින්දරේ,
සිහින මල් පිපෙනවද චන්දරේ?
දූලි මුසු දහදියෙන් උඹෙ සිනහ යන්තරේ,
බිංදු මුතු මවනවද චන්දරේ?
උල් හිසැති පාවහන් යන්නේම ඔරවගෙන,
කල්ලියක කොලුගැටව් ඉංගිරිසි අසැබි වදනින් බණින,
තල්ලුවකි මැදිවියේ ඔසරියක් කලබලෙන,
හිනාවෙන්නට බැරිය ගින්දරේ. . .
උඹට අත වනන්නේ - හාදු පා කරන්නේ
පොඩි එව්වො විතරමද චන්දරේ?
පිට්සා කන්නට එන්න - ඔෆර් ලිස්ට් එක මෙන්න
බොකුටු බොරු කෙහෙකැරලි පිරිමදින - වෙස්මූණ සකසන
ඇමරිකන් පන්නයේ අන්දරේ
පිට්ස කඩදාසියෙන් ඔරිගාමි නැව් හදන
පොඩි උන්ට ලුණුමිරිස් එක්ක පොල්රොටි කවන චන්දරේ. . . .
Subscribe to:
Post Comments (Atom)
ලොසින්ජරයේ මෙතෙක් මා සිත්ගත්ම පැදිපෙළ
ReplyDeleteබස්සිගේ කවි අන්දරේ
බොහොත් බොහොත් සුන්දර් හේ...
බස්සි!
යටම බස්සිට කලින් ජයවේ
Deleteටයිපින් මිස්ටේක්
තැන්කූ මල්ලී!!
Deleteචන්දරෙ නුඹ අන්දරේ
ReplyDeleteනුඹේ කුස හැමදාම ගින්දරේ
මහා අවු කූටකේ
කාෂ්ඨක නගරයේ
සිනහසෙන්නේ
නුඹ පමනි චන්දරේ
ලස්සනයි බස්සි අක්කෝ.........
තැන්කූ සබරේ!
Deleteමට හැදෙනවානේ බස්සියෝ අමුතු ගායක් ඔය ප්‍රොමෝෂන් කරන වෙස්මුනු කට්ටිය දැක්කහම! දුවගෙන ගිහින් හොඳට හිනාවෙලා දෙන ඔෆර් කොලයක් ගන්නවා. පුළුවන් නම් ප්‍රශ්නයක් දෙකක් අහනවා.
ReplyDeleteවැඩේ කියන්නේ ඊට පස්සේ ඌ පිස්සු කෙලින්න ගන්නවා. මට පස්සෙන් එන එකාට අබ සරණයි! සිරාවටම මම උන් එක්ක පින්තුර ගන්නත් මාරම ආසයි. එකම වැඩේ මම ඒ කියන ඔෆර් වලට කන්න යන එකියක් නොවීමයි..
මේ කවිය නියමයි. උඹගේ අහලකින්වත් තියන්න බැහැ , හෙහ්
නැන්දේ.......ඥාව්.....
Deleteසේ සේ සේ සේ...... ( චෙප්... )
Deleteමට නම් ඔහොම දරුණු සීන් එකක් වෙන්නෙ නෑ. හැබැයි මම එයාල එක්ක හිනාවෙලා ලීෆ්ලට් එකක් ඉල්ලගෙන බෑග් එකේ දා ගන්නවා. මට හෙනම අප්සට් යන්නෙ සමහර මිනිස්සු ඒ මනුස්සයගෙ කකුල්දෙක ගාවටම ලීෆ්ලට් එක විසිකරල යනව දකිද්දි.
Deleteකවිය ගැන සතුටුයි කතාව ගැන පට්ට අප්සෙට්.. :/
ReplyDeleteමටත් අවුල් හිතුනා.
Deletehttp://nelumyaya.com/?p=3896
ReplyDeleteතැන්කිව් කලණේ!
Deleteඅලුත් බ්ලොග් එකක්!
ReplyDeleteමාස තුනක් විතර පරණයි. බස්සිගේ නවාතැනේ නිතර කවි පලවෙනවට බහුතරයක් අය අකැමතියි. අනික කවි පල කරද්දි දවසකට සැරයක්වත් අලුත් පෝස්ට් වැටෙන නිසා පරණ ඒව මගහැරෙනව කියලත් මැසිවිලි. ඉතින් මමත් පටන් ගත්තා කවි පොතක් වගේ බ්ලොගක්.
Deleteචන්දරේ කියන නම දැක්කා ම සිහිවුනේ 1989 දී විතර අතුරුදහන් වූවා යැයි මා අසා ඇති කවියෙකු ගැනයි.
ReplyDeleteමේ ඔහු ගැන මාලතී ඇම්බ්‍රෝස් ලියූ කවියක්.
http://www.boondi.lk/article.php?ArtID=3214
අවුරුදු 25ක් වගේ කාලයක් තුල මාලතිගේ චන්දරේගේ ඉදලා බස්සිගේ චන්දරේ වෙනකම් වෙච්චි පරිණාමය අදහගන්නත් අමාරුයි.. :/
Deleteලස්සන කවියක්. ස්තූතියි පාර පෙන්නුවට.
Deleteඑක අතකට තමන්ගේ ශරීරයම පෙන්නගෙන කොල කෑලි බෙදන කෙල්ලන්ට වඩා ආත්මගෞරවයක් වෙස් මූන දාගත්ත එකාට තියෙනවා... මොකෝ චන්දරේද ඇතුලේ ඉන්නේ ඉන්දරේද, අන්දරේද කියලා අපි නොදන්න නිසා....
ReplyDeleteඒකට කියන්නෙ ආත්ම ගෞරවයද? වෙස්මූණක් ඇතුලෙ තමන්ගේ අනන්‍යතාවය, හැඟීම් සේරම සැඟවීම?
Deleteඅපි ඔක්කෝම වෙස් මුහුණු දාගත්ත උන් බං
Deleteඒකත් හැබෑව. එක එක අවස්ථාවට එක එක මූණු.
Deleteබස්සි අලුත් කවි බ්ලොග් එකක් ඇරියද? මේ වගේ රස්සා තාවකාලික රස්සා නේ. වෙස් මුහුණක් දාගෙන හිටියම ලෙහෙසියි කියල මට හිතෙන්නේ. කවිය දුක්බරයි මටනම්.
ReplyDeleteමේ බ්ලොග් එක ඇරලා ටිකක් කල් අජිත් අයියේ. දවසට දෙතුන්වර යාවත්කාලීන වෙන නිසාත්, බස්සිගේ නවාතැනට එන ගොඩක් අය කවි එක්ක යාලුකමක් නැති නිසාත් වෙනම කවි බ්ලොග් එකක් ඇරියා.
Deleteමේක ලියැවුනේ පෙරේදා නුගේගොඩ පීසාහට් එක ගාව මම බස්සා එනකම් ඉද්දි එතන පාර අයිනේ ඉන්න clownව දැකලා.