Thursday, August 6, 2015

88. චන්දරේ






නුගේගොඩ හන්දියේ - මද්දහන් ගින්දරේ,
සිහින මල් පිපෙනවද චන්දරේ?
දූලි මුසු දහදියෙන් උඹෙ සිනහ යන්තරේ,
බිංදු මුතු මවනවද චන්දරේ?

උල් හිසැති පාවහන් යන්නේම ඔරවගෙන,
කල්ලියක කොලුගැටව් ඉංගිරිසි අසැබි වදනින් බණින,
තල්ලුවකි මැදිවියේ ඔසරියක් කලබලෙන,
හිනාවෙන්නට බැරිය ගින්දරේ. . .
උඹට අත වනන්නේ - හාදු පා කරන්නේ
පොඩි එව්වො විතරමද චන්දරේ?

පිට්සා කන්නට එන්න - ඔෆර් ලිස්ට් එක මෙන්න
බොකුටු බොරු කෙහෙකැරලි පිරිමදින - වෙස්මූණ සකසන
ඇමරිකන් පන්නයේ අන්දරේ
පිට්ස කඩදාසියෙන් ඔරිගාමි නැව් හදන
පොඩි උන්ට ලුණුමිරිස් එක්ක පොල්රොටි කවන චන්දරේ. . . .


24 comments:

  1. ලොසින්ජරයේ මෙතෙක් මා සිත්ගත්ම පැදිපෙළ

    බස්සිගේ කවි අන්දරේ
    බොහොත් බොහොත් සුන්දර් හේ...
    බස්සි!

    ReplyDelete
    Replies
    1. යටම බස්සිට කලින් ජයවේ
      ටයිපින් මිස්ටේක්

      Delete
  2. චන්දරෙ නුඹ අන්දරේ
    නුඹේ කුස හැමදාම ගින්දරේ

    මහා අවු කූටකේ
    කාෂ්ඨක නගරයේ
    සිනහසෙන්නේ
    නුඹ පමනි චන්දරේ


    ලස්සනයි බස්සි අක්කෝ.........

    ReplyDelete
  3. මට හැදෙනවානේ බස්සියෝ අමුතු ගායක් ඔය ප්‍රොමෝෂන් කරන වෙස්මුනු කට්ටිය දැක්කහම! දුවගෙන ගිහින් හොඳට හිනාවෙලා දෙන ඔෆර් කොලයක් ගන්නවා. පුළුවන් නම් ප්‍රශ්නයක් දෙකක් අහනවා.

    වැඩේ කියන්නේ ඊට පස්සේ ඌ පිස්සු කෙලින්න ගන්නවා. මට පස්සෙන් එන එකාට අබ සරණයි! සිරාවටම මම උන් එක්ක පින්තුර ගන්නත් මාරම ආසයි. එකම වැඩේ මම ඒ කියන ඔෆර් වලට කන්න යන එකියක් නොවීමයි..

    මේ කවිය නියමයි. උඹගේ අහලකින්වත් තියන්න බැහැ , හෙහ්

    ReplyDelete
    Replies
    1. සේ සේ සේ සේ...... ( චෙප්... )

      Delete
    2. මට නම් ඔහොම දරුණු සීන් එකක් වෙන්නෙ නෑ. හැබැයි මම එයාල එක්ක හිනාවෙලා ලීෆ්ලට් එකක් ඉල්ලගෙන බෑග් එකේ දා ගන්නවා. මට හෙනම අප්සට් යන්නෙ සමහර මිනිස්සු ඒ මනුස්සයගෙ කකුල්දෙක ගාවටම ලීෆ්ලට් එක විසිකරල යනව දකිද්දි.

      Delete
  4. කවිය ගැන සතුටුයි කතාව ගැන පට්ට අප්සෙට්.. :/

    ReplyDelete
  5. Replies
    1. මාස තුනක් විතර පරණයි. බස්සිගේ නවාතැනේ නිතර කවි පලවෙනවට බහුතරයක් අය අකැමතියි. අනික කවි පල කරද්දි දවසකට සැරයක්වත් අලුත් පෝස්ට් වැටෙන නිසා පරණ ඒව මගහැරෙනව කියලත් මැසිවිලි. ඉතින් මමත් පටන් ගත්තා කවි පොතක් වගේ බ්ලොගක්.

      Delete
  6. චන්දරේ කියන නම දැක්කා ම සිහිවුනේ 1989 දී විතර අතුරුදහන් වූවා යැයි මා අසා ඇති කවියෙකු ගැනයි.

    මේ ඔහු ගැන මාලතී ඇම්බ්‍රෝස් ලියූ කවියක්.
    http://www.boondi.lk/article.php?ArtID=3214

    ReplyDelete
    Replies
    1. අවුරුදු 25ක් වගේ කාලයක් තුල මාලතිගේ චන්දරේගේ ඉදලා බස්සිගේ චන්දරේ වෙනකම් වෙච්චි පරිණාමය අදහගන්නත් අමාරුයි.. :/

      Delete
    2. ලස්සන කවියක්. ස්තූතියි පාර පෙන්නුවට.

      Delete
  7. එක අතකට තමන්ගේ ශරීරයම පෙන්නගෙන කොල කෑලි බෙදන කෙල්ලන්ට වඩා ආත්මගෞරවයක් වෙස් මූන දාගත්ත එකාට තියෙනවා... මොකෝ චන්දරේද ඇතුලේ ඉන්නේ ඉන්දරේද, අන්දරේද කියලා අපි නොදන්න නිසා....

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ ආත්ම ගෞරවයද? වෙස්මූණක් ඇතුලෙ තමන්ගේ අනන්‍යතාවය, හැඟීම් සේරම සැඟවීම?

      Delete
    2. අපි ඔක්කෝම වෙස් මුහුණු දාගත්ත උන් බං

      Delete
    3. ඒකත් හැබෑව. එක එක අවස්ථාවට එක එක මූණු.

      Delete
  8. බස්සි අලුත් කවි බ්ලොග් එකක් ඇරියද? මේ වගේ රස්සා තාවකාලික රස්සා නේ. වෙස් මුහුණක් දාගෙන හිටියම ලෙහෙසියි කියල මට හිතෙන්නේ. කවිය දුක්බරයි මටනම්.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක ඇරලා ටිකක් කල් අජිත් අයියේ. දවසට දෙතුන්වර යාවත්කාලීන වෙන නිසාත්, බස්සිගේ නවාතැනට එන ගොඩක් අය කවි එක්ක යාලුකමක් නැති නිසාත් වෙනම කවි බ්ලොග් එකක් ඇරියා.

      මේක ලියැවුනේ පෙරේදා නුගේගොඩ පීසාහට් එක ගාව මම බස්සා එනකම් ඉද්දි එතන පාර අයිනේ ඉන්න clownව දැකලා.

      Delete