92. අපිට ඕනෑ පෝස්ටර්
තියෙන්නම ඕනෑය පෝස්ටර්
තාප්ප, ගේට්ටු, ලයිට් කණුවල
ශේන්‍යා වුනත් ඇවිද්දේ
බැනර්-කටවුට්-පෝස්ටර් බලබල
පාන් වළලුත් අමතකම කර.
මැකෝටත් ඔල්මොරොන්දම!
පෝස්ටර් නැතුව පාලුයි මහපාර,
පාස්ටර් කෙනෙක් නැති පල්ලියක් වගේමය.
අපිට ඕනෑ පෝස්ටර් කියව කියවා ඇවිදින්න.
පාන් වළලුත් අමතකයි - බල්ලන්ට හැකිය ඩැහැගෙන යන්න.
හත්පෙති මල් පොරොන්දුවකින් සැනසෙන්න.
දැං අපිට අඩු හත්පෙති මලක් විතරයි ඔන්න!
පාට පාට හත් පෙති මල් පොරොන්දු......:) හරිම රසයි මේ ලොසින්ජරය නම් හැබෑටම.
ReplyDeleteඅනේ මේ උඹ දන්න පෝස්ටර
ReplyDeleteඅපිට ඕනා පැලැස්තර
ලෙඩට ඔසු දෙන දොස්තර
දැක්කමත් ඇති ඇඟේ වස්තර