Monday, August 10, 2015

92. අපිට ඕනෑ පෝස්ටර්





තියෙන්නම ඕනෑය පෝස්ටර්
තාප්ප, ගේට්ටු, ලයිට් කණුවල
ශේන්‍යා වුනත් ඇවිද්දේ
බැනර්-කටවුට්-පෝස්ටර් බලබල
පාන් වළලුත් අමතකම කර.

මැකෝටත් ඔල්මොරොන්දම!
පෝස්ටර් නැතුව පාලුයි මහපාර,
පාස්ටර් කෙනෙක් නැති පල්ලියක් වගේමය.

අපිට ඕනෑ පෝස්ටර් කියව කියවා ඇවිදින්න.
පාන් වළලුත් අමතකයි - බල්ලන්ට හැකිය ඩැහැගෙන යන්න.
හත්පෙති මල් පොරොන්දුවකින් සැනසෙන්න.
දැං අපිට අඩු හත්පෙති මලක් විතරයි ඔන්න!



2 comments:

  1. පාට පාට හත් පෙති මල් පොරොන්දු......:) හරිම රසයි මේ ලොසින්ජරය නම් හැබෑටම.

    ReplyDelete
  2. අනේ මේ උඹ දන්න පෝස්ටර
    අපිට ඕනා පැලැස්තර
    ලෙඩට ඔසු දෙන දොස්තර
    දැක්කමත් ඇති ඇඟේ වස්තර

    ReplyDelete