93. පාරවන සැතක් මතකය
නිමිත්ත:
'දෑසමන් සුවඳ ඉසින හිසකෙස" - ශසිකා අමාලි මුණසිංහ
සීතලෙන් සීත මදනල
කෝල වී නටයි හිස වට
පීත පෑ කිරණ ඉසඉස
මෝදු වී පිපෙයි පුරහඳ
වාරුවක් නැතිව පාවෙන
මීදුමක් මියැදි ස්නේහය
පාලුවෙන් මියෙන සවසක
හාදුවක් තියයි නළලත
සීතලෙන් සීත හදවත
පාරවන සැතක් මතකය
වීරියෙන් කලත් අමතක
තාම ඇස් තෙමෙයි ඉඳහිට
සැතකින් පාරවන්නේ සාමාන්‍යයෙන් සනීප කරන්න හිතාගෙන..
ReplyDeleteඅරමුණ මොකක් උනත් පාරවද්දි රිදෙනවා.
Deleteහ්ම්ම් ඔවුනේ බස්සියේ
ReplyDeleteතාම ඇස් තෙමෙයි ඉඳහිට
කෝම මරන්නද මතකය
Deleteතාම ඇස් තෙමෙයි ඉඳහිට
නිදිබරව හිඳන මොහොතක
ReplyDeleteගොඩවැදුණු විට සයිබරයට
ඇස් ඇරෙන්නේ මේ වගේ කවියකට
බස්සනයි ලස්සියේ!
ජයවේවා
තැන්කූ වර්ණ!
Deleteසීතලෙන් සීත හදවත
ReplyDeleteඋණුහුමෙන් පිරීයනකොට
අගේ පිරුණු කවි සිත
පසසා නොඉන්නෙ කෙලෙසක
නියමයි අක්කා
ස්තූතියි නංගා!
Delete