Monday, August 10, 2015

93. පාරවන සැතක් මතකය



නිමිත්ත:
'දෑසමන් සුවඳ ඉසින හිසකෙස" - ශසිකා අමාලි මුණසිංහ



සීතලෙන් සීත මදනල
කෝල වී නටයි හිස වට
පීත පෑ කිරණ ඉසඉස
මෝදු වී පිපෙයි පුරහඳ

වාරුවක් නැතිව පාවෙන
මීදුමක් මියැදි ස්නේහය
පාලුවෙන් මියෙන සවසක
හාදුවක් තියයි නළලත

සීතලෙන් සීත හදවත
පාරවන සැතක් මතකය
වීරියෙන් කලත් අමතක
තාම ඇස් තෙමෙයි ඉඳහිට



8 comments:

  1. සැතකින් පාරවන්නේ සාමාන්‍යයෙන් සනීප කරන්න හිතාගෙන..

    ReplyDelete
    Replies
    1. අරමුණ මොකක් උනත් පාරවද්දි රිදෙනවා.

      Delete
  2. හ්ම්ම් ඔවුනේ බස්සියේ
    තාම ඇස් තෙමෙයි ඉඳහිට

    ReplyDelete
    Replies
    1. කෝම මරන්නද මතකය
      තාම ඇස් තෙමෙයි ඉඳහිට

      Delete
  3. නිදිබරව හිඳන මොහොතක
    ගොඩවැදුණු විට සයිබරයට
    ඇස් ඇරෙන්නේ මේ වගේ කවියකට

    බස්සනයි ලස්සියේ!
    ජයවේවා

    ReplyDelete
  4. සීතලෙන් සීත හදවත
    උණුහුමෙන් පිරීයනකොට
    අගේ පිරුණු කවි සිත
    පසසා නොඉන්නෙ කෙලෙසක


    නියමයි අක්කා

    ReplyDelete