Friday, August 21, 2015
103. දැවෙයි හිස තරු එළියෙන්
අඩක් විවරය කවුළුව
සැලේ ඉටි පහනෙහි දැල්ල මද සුළඟින්
තවත් ඉතිරිය මධුවිත
වෙලේ හදවත මුදු ලැවැන්දර සුවඳින්
ආලෝක වර්ෂ ගණනක දුර
මිය ඇදුනු තරු දැරියක්ද අර
කවුළුවෙන් ඉඟි කර
නිවී දැල්වෙන්නේ වරින් වර
සල අකුණු එළියක්ව
හිනැහෙනා සුදු ගවොමකි
දල රළක් වී හිසට ඉහලින් නැගෙන
මැඩගත් සියුම් ඉකියකි
අහඹු සුළඟක වියරු අත් තල පහරකි
පැරණි සටහන් පොතක පිටුවක් පෙරළන
කියඹු පහසක් ලද රතු රිබන් පටියකි
ක්ෂුද්‍ර කවි, හදවත් ලකුණු අතරින් නැගෙන
අඩක් විවරය කවුළුව
නිවෙයි ඉටිපහනෙහි දැල්ල මද සුළඟින්
දැවෙයි යලි යලි දැවෙයි හිස තරු එළියෙන්
Subscribe to:
Post Comments (Atom)
කියන්න දෙයක් නෑ.. එලස්
ReplyDeleteThankoooo
Deleteසුපුරුදු පරිදි සුපිරි
ReplyDeleteජයවේ බස්!
Thankuu malayaa!
Delete