Wednesday, August 26, 2015

104. අත්ල සීතල මන්ද නො අසන්න





මන්ද්‍ර ස්වරයෙන් වැයෙන ස්වප්නයක
චන්ද්‍ර කිරණක වෙසින්
ඉන්ද්‍ර මිණි දෙනෙතු පිය නොපියාම ළඟ ඉන්න
මත් බවකි තන්ද්‍රාව
අත්ල සීතල මන්ද නො අසන්න
සිත් රැහැන් නො පෙලන්න – ළඟ ඉන්න

සන්තානයම අන්ධකාර සළු අඳිනකොට
මග කියන –දකුණු තරුවක් වෙන්න
සංවේදනා මියැද – සංතාප නැගෙන දින
සංසාරෙ පුරා අනුනාද වෙන
සංගීත සංධ්වනියක් වෙන්න

ප්‍රාණ සම ප්‍රේමයක අනුහසින
ක්ෂේම භූමිය දිනෙක හමුවෙතැයි අදහන්න
හෘද ගීතෙක මන්ද්‍ර ස්වර වයන ස්වප්නයක
දුර්ග ශිඛරෙක සිරස පිරිමදින
චන්ද්‍ර කිරණක් වෙසින් සිසිලස දෙන්න

13 comments:

  1. කවියේ රටාව දැක්කම ඉස්සෙල්ලම මතක් වුනේ මේ ගීතය

    චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
    මෘදු හදවතක තතු..
    ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
    නොකරමි දිනක රතු..//

    අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
    ඉදුරන් මැද දෙරණේ..
    ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
    නිරතුරු ඔබ සෙවනේ...

    චන්ද්‍ර බිම්බයුරු...//

    අදත් සිනාසී හමුවන අයුරින්
    භින්න රුචික මෙලොවේ...
    හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
    අප හමුවිය යුතු වේ...

    චන්ද්‍ර බිම්බයුරු...//

    ගායනය : නාරද දිසාසේකර
    සංගීතය : නාරද දිසාසේකර
    පද රචනය : කරුණාරත්න අබේසේකර

    https://www.youtube.com/watch?v=Zo50tWiR7Vg

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුවේ ලිරික්ස් දැක්කට පස්සෙ මේ කවියෙ අඩුපාඩු ගොඩාක් පෙනිලා මං මානසිකව වැටිලා දත් දෙකකුත් කැඩුන ඒයි. හිහී! ඒක මාර ලස්සනයි නේ?

      Delete
    2. වචන පාවිච්චි කරලා තියෙන විදිහ ලස්සනයි. - අත්ල සීතල මන්ද නොඅසන්න - ලස්සනයි.

      නාරද දිසාසේකරගේ සින්දුවේ දෙවෙනි කොටසේ දෙවෙනි පේළිය "පුඟුලන් මැද දෙරණේ" විය යුතුයි යැයි යෝජනා කරනවා.
      පුඟුලන් - පුද්ගලයින්

      Delete
  2. ජීවිතේම බලාපොරොත්තු ගොඩක්. ඉටුවෙන ඉටු නොවෙන හැමදේම ... මේ හැබෑ නොවන හීනයක් වුනොත්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එය එසේය!

      Delete
  3. මලින්ද ලොක්කා කියල තිබුනා.. “පාළොස්වක දිනක අහසේ සද කියන්නේ දීප්තිමත් සිදුරක්“ කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක හරිම ලස්සන කියමනක්.

      Delete
  4. අලුත් වදන් අලුත් යෙදුම් අලුත් කියමන් (මට)
    ලස්සනයි බස්සියෝ!

    ReplyDelete
  5. මටත් එහෙමයි බං. වදන් තෝරා ගැනීම සහ යොදාගැනීම අතින් ඉහලයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අහසින් එන්නා!

      Delete
  6. සෑහෙන්න බර කරලා ලියපු කවියක්නේ.. මරු මරු ..

    ReplyDelete
    Replies
    1. හෙහේ! තැන්කූ වේවා ඉඳිකටුස්!

      Delete