Monday, August 3, 2015

86. මිහිරි සැමරුම් වළලන්නෙක්ද සිසිරය?


නිමිත්ත :
"හිමායනය වෙයි සරත් සෘතුව" - ෂසිකා අමාලි මුණසිංහ - "කඳු" බ්ලොග් අඩවිය





සිසිර සුළඟකි හමන්නේ හිම කැරලි වඩාගෙන
කටකට ගගා ගැහෙයි වැසූ කවුළුවෙහි වීදුරු පියන් පත්,
විසිරි තුරුපත්ය මිහිදන් වෙන්නෙ සුදු පැහැ සුසානෙක
මිහිරි සැමරුම් වළලන්නෙක්ද සිසිරය?

මල් පියලි පාවඩ එලුවෙ එ'කල අපි ඇවිද ගිය අඩිපාරට,
බටිත්තන් වුව ඒ දවස්වල ගැයුවෙ පෙම් ගී විතරමය,
කුඩා කවි වැටුන තැන්වල - දළු දැම්මෙ නමක් නැති රතු මල්
ගැඹුරු විය පිය සටහන්
ඊට ගැඹුරුයි හාදු කැළලක සටහන්

"කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්"
සරත් සන්ධ්‍යාවක ඔබ ගැයුවෙ එහෙමය
"කල්ප ලක්ෂයක් ඔබ තුරුල්ලේ නිදිබරව ඉන්නම්"
ඉර සැඟව යන්නට පෙරාතුව ඔබ පිළිණ දුන්නෙය

පටපට ගගා පිපිරෙන්නෙ උඳුනෙහි කුඩා දර පතුරු
පිනි කැට පවා අහිමිය සිසිරයට - කඳුළු තහනම්ය
තනිකමක් ඝන ලොම් කබායක ඔතාගෙන
ගිනි පුපුරු මතුයෙහි - අතුරමි මිදුනු හදවත




4 comments:

  1. "කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්"

    "කල්ප ලක්ෂයක් ඔබ තුරුල්ලේ නිදිබරව ඉන්නම්"




    හයියෝ බස්සි අක්කේ එයා කියල තියෙන්නේ ඉක්මනට යනව කියන කියන එකනේ අප්පා ......

    ලස්සනයි බස්සි අක්කේ

    ReplyDelete