Monday, August 17, 2015

99. මගේ රතු විප්ලවය






පාවාදුන්නාවෙ ඉතින් ඒ අය අරගලය
ඔව් ඔයා කියනවනම්,
මුදලුත් අරං පනින්නැති ඒ අතට - මේ අතට
ඒත් ළඟදිම දවසක 
දිනනවනෙ රතු විප්ලවය?

ඒ වුනත් මට නොතේරෙන්නෙ
ඔයත් පාවාදෙන බව අරගලය
ඔයාටම නොතේරෙන එක
Beach එන්න ගෙදරින් පනින එක මගෙ විප්ලවය 
හාද්දක් ඉල්ලා ගන්න නෙව මගේ ආදර අරගලය

Pimples  දෙකක් ඇවිත් අයියෝ
දකුණු කම්මුල පහලින්
ලෙමන් රස Lip balm
අඳුනගත්තේ නැද්ද සුවඳින්?

5 comments:

  1. Mama tube light da danne ne mewwa therum ganta beri..???? 😏

    ReplyDelete
    Replies
    1. මගේ නොහැකියාවනෙ, මේ තරම් සරල කවියක්වත් තේරෙන බාසාවෙන් ලියාගන්න බැරි එක. :)

      Delete
  2. සුවද තිබුණට ඔ්වාගේ ඔය රහ නෑ කොල්ලෝ...........
    අරගල කරලාම තේරුම්ගනිංකෝ...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියන්න බෑ කුරුටුනම් අත්දැකීමෙන් කවිය තව ටිකක් ඉස්සරහටත් අරගෙන ගිහින්.

      Delete
  3. Ane manda ban & bani. Matanam melo sasarak therenne ne hitan...

    ReplyDelete