Friday, August 7, 2015

90. ඒක තමයි ත්‍රිල් එක





මෝඩ ළමයෝ!
ඒකම තමයි ත්‍රිල් එක,
ඊළඟට වෙන දේ නොදන්නා එක.
සුදු වෑන් එකක් ඇතුලෙදි
කළු තිරේකින් දෑස බඳින එක

බෙල්ල පිටිපස්සෙ මද සීතලක් දැනෙනකොට
පිස්තෝල කටක් යැයි ටක්කෙටම කියන්නේ – උඹට ඇත්තට පිස්සුද?
ඒ රොමැන්තික හාදුවක් වෙන්නට බැරිද?
දොඩම් රස හිම කිරමක්?
මධු ඔඩමකින් ගත් අයිස් කැටයක්?

ඒකයි ළමයො ත්‍රිල් එක,
ඊළඟට වෙන දේ නොදන්නා එක,
තැම්බිලා ගියත් දිය හැලිය රත්වෙනකම් නටන එක,
බලපංකො කකුළු ජීවිතේ තියෙන ලල් එක!



8 comments:

  1. මං හිතන්නේ "අනතුරු වලට මුහුණ දීමේ ප්‍රමෝදය" කියන්නේත් ඕකටම වෙන්ඩ ඕනේ!

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ අයට තියෙන ලෙඩක් ඕක.

      Delete
  2. බය හිතෙනවා අප්පා....

    ReplyDelete
  3. ඒක නම් මරු අක්කේ.....

    තැම්බිලා ගියත් දිය හැලිය රත්වෙනකම් නටන එක,
    බලපංකො කකුළු ජීවිතේ තියෙන ලල් එක!

    ReplyDelete