Friday, August 7, 2015

89. මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!





මනාප තුනක් හොඳටෝම මදි මට
මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!
හොරුන්ට, කුඩ්ඩන්ට, හංදියේ චණ්ඩින්ට
පිස්තෝලෙකින් වතුර බෝතල් මවන අරුම විජ්ජාකරුවන්ට
වෙඩිබෙහෙත් දුමට පිඹිනකොට, පිහියකින් බෙල්ල පිටුපස කසනකොට
අත්ල සීතල වුනත් මොනතරම් සෙක්සිද!

ඇයි අපිට බැරි පක්ෂ දෙකතුනකටම ඡන්දය දෙන්න.
ඡන්දයක් කියන්නේ කැමැත්තට
මං කැමති මනමැවි කතා කියවන්ට
සී එස් ලෙවිස්ට – ජේ කේ රෝලින්ග්ට – එච්.සී. ඇන්ඩර්සන්ට
එක සමානව ආදරේ කරන්න තහනම්ද?

රතු සහෝදරවරු කියන දේ ඇත්තම ඇත්ත
මේ ඡන්ද ක්‍රමයයි ලොකුම වැරැද්ද
සෙනෙහෙකොල ලියන ලොකු ඩයරියක් – සුවඳ පෑනක් එක්ක මට දෙන්න
ආදරේ ලිවිය යුතු කවියෙන් ය
කුඩා හදවත් ලකුණු ඇඳිය යුතු හැමතැනම
Fast and Furious බලලාම නැද්ද ඔබ? නැත්නම් Dhoom- 2?
වීරයෝ කියන්නෙම හොරුන්ට, කළු ඇඳපු චණ්ඩිණ්ට
මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!



9 comments:

  1. ඇයි දුෂ්ඨ කළු කොල්ලො හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කළු වුනත් සලකා බලත හැකි,
      ඉනේ පිස්තෝලයක් තිබිය යුතු වෙති.
      සුදුවෑන් තියෙයිනම්, ඇස් බඳින රෙදිපටිත් ඇත්නම්
      අමතරව දෙන බෝනස් ලකුණු ගත හැකි.

      Delete
  2. මං ආස මේ වගේ ලියන කොට කෙල්ලන්ට

    ReplyDelete
    Replies
    1. නලින් අයියා කාලෙකින්! මේ බ්ලොග් එකට ආවමද කොහෙද නේ?
      තැන්කූ ඈ!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මං නම් ආසා චණ්ඩි කෙල්ලන්ට
    කොණ්ඩේ කැපුනු
    ගවුම් නොඇදපු
    කට සැර කෙල්ලන්ට!

    ReplyDelete