සිහින බොඳ වුන දවසක
කොපුල් මත වැහි වැටෙන සවසක
ශ්‍යාම ආකාශයේ අහම්බෙන් වැතිර ගත්
තුනී ඉඳුදුනු සේලය
නවකතා පොතක එක පිටුවක
ලා රෝස පැහැයෙන් හයිලයිට් කල
සුන්දර වචන පේලිය
වර්ණ සිතුවම් - මෙට්ල් ලෝකයක
කර්ණපටහාපටල සන්සුන් කරන
හැටේ දශකේ මියුරු සිනමා ගීතය
"මගේ නිවහන" කියන්නට බැරි හින්දා
"මගේ නිවන" යි ලියන්නට කල් වැඩිද මන්දා - හිතා ලතැවෙන
සනහසේ දිය ඌල ය
හඬාගන්නට නොහැකි මොහොතක
විඩාපත් හිස හොවාගත හැකි
ලැවැන්ඩර් සුවඳැති පොරෝණාව ය
වගේ වගකුත් නැතිව ඉඳහිට
කොහේහරි අතුරුදන් වී යන
නිවෙන මුත් යලි යලි දිලෙන
අත පොවනු නොහැකි තාරකාව ය
_________________
You are the star, I wish upon at night,
The star who doesn't know, It holds my light 🖤

No comments:
Post a Comment