Sunday, July 2, 2023

308. "පොඩි" ගෑණුළමයෝ...!


Painting: No rules for falling in love by Virgis | Carré d'artistes


පියාපත් ඇති අයෙකුට,

කුඩා තරු තිතකට,

දේශසීමා අදාලම නැහැ තමන් කැමතිම හදක පායන්න.


එකම එක - හෙන්දිරික්කා සුවඳකට පුලුවනි

පුංචි වීදුරු බරණියක් තුල

සංසාරයක මතක හංගන්න.


අතීතේ ගමන් මළු සේරම බිමින් තිබ්බම

ආදරේ විතරක්ම හදවත පුරා පිරුණම

ඔයාටත් බැරි නෑ වළාකුළු අල්ලන්න.


පොඩි ගෑණුළමයෝ 

ඔයා 

අන්න ඒ ටික දැනගන්න!

No comments:

Post a Comment