සන්තානයම අන්ධකාර සළු අඳිනකොට
මග කියන දකුණු තරුවක් වුනෙමි.
සන්තාප හංගාන සන්තෝෂයම වැයූ
සංගීත සංධ්වනියක් වුනෙමි.
ඒ වුනත්
සංවේදනා හිරිවැටෙනු දුටිමි
සංසාරයම අහිමි කරනයුරු දැක ගතිමි...
සංග්‍රාම සටන් අනවැසි බැවිනි,
සංවේගයෙන් වුවද
මහද ගලවා වීසිකර දමා
සබඳ මම හිස නමා
සමුගනිමි.
ඔයාගේ කවි අතරින් මම වැඩිපුරම ආස කවිය මේක.❤️
ReplyDelete