Wednesday, December 2, 2015

171. දෙකොපුලේ මැවෙන කැඩපත්





තෙතබත් වෙලා හිත හොඳටම
තවනම් එපා වැහි ඇල්ලක්
හදවත් හැඩේ ටොපිකොලවල
අලවන් එන්න කවි මල්ලක්

ඔය සෙනෙහසම කිරි සයුරක්
මුදු හාදු පහරත් අකුණක්
අහසෙන් වැටෙන උල්කාවක
සැඟවිද විරහවක ලකුණක්?

වෙරි වෙලා වැනි වැනි මුහුදු රැළි
වැර අරන් ඇහිබැමේ හැප්පෙයි
හිරි වැටී මත් මතක දිය සුළි
මුතු හැඩේ කඳුලක් දෙකක් නික්මෙයි

දෙකොපුලේ මැවෙනකොට කැඩපත්
පේනවද පෙම් පිරුණ
පිරිමි නෙත් යුග තවමත්?



1 comment:

  1. මම මේක බුකියෙ දානවා.... කමක් නෑනේ? කතෘගෙ නමත් පල කරනවා

    ReplyDelete