Monday, June 29, 2015

64. ඒ සා විසල් වරදක් ද?





"එපාමලු මූණ බලන්න ආයෙම!"
ඒ සා විසල් වරදක් ද
හදේ ගැඹුරෙහි මල් පිපෙන එක.
නොදැනීම රොන් සුණු පවනෙ විසිරෙන එක.

දඟ කොණ්ඩා කරල් දෙක
ඉඟටියේ වැදෙන'යුරු දකින එක
හැඩ දෙබැම අඹරවා හකුලන
ඒ සා විසල් වරදක් ද

කුඩා කවියක් ගෙතෙන එක
ඇගේ නම එහි වචනතර රැඳවෙන එක
ඒ සා විසල් වරදක් ද
තත්පරේකින් පංගුවක් තුල
කරදාසියක් කීතු වෙන

ඉවසයිද සෙව්වන්දියක් වුව
තාර පාරකට අතහරින එක
සුදෝ සුදුවට දිලුනත්
බාලිකා සපත්තුවකට පෑගිලා පොඩිවෙන එක
නුහුරු පා පහරකින්
කාණු ගැට්ටකට විසිවෙන එක

නොදැක ඉන්නම බැරිවිට
ඇස් මානෙකදි හැරෙන්නෙ කොහොම වෙනතක
"එපාමලු මූණ බලන්න ආයෙම"
එහෙනම් එකම විසඳුම
ඇස් පියාගෙන ඉන්න එක 
පඳුරු නාශක දියරයක කිමිදෙන එක


4 comments:

  1. කුඩා කවියක් ගෙතෙන එක
    ඇගේ නම එහි වචනතර රැඳවෙන එක
    ඒ සා විසල් වරදක් ද?.....

    ලස්සන අලුත් යෙදුම් හැම කවියකම තියෙනවා.. ඒව ඒ කවි වලට ලස්සන ගේනවා
    ජයවේ බස්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ! මේ කමෙන්ට් මට ගොඩක් වටිනවා.

      Delete
  2. විටෙක ප්‍රේමයෙන් පසූ වීමම වරදකි...

    ReplyDelete