The SAHAN බ්ලොග් අඩවියේ පලවූ "යෙහෙලියක් නම් සිටිය යුතුමය" කවියට පිලිතුරකි.
නොහිතනම වෙලාවක තුනී පාලුව මැදින්
හොලොග්‍රෑමයක් වගේ මතුවෙන
“ආ මචං කොහොමදැ’යි” විමසන
පිටට පහරක් ගසා,
වැරෙන් කණ මිරිකන,
යහළුවෙක් අවැසිමය,
රළු පරළු සෙනෙහසක් විඳගන්න.
සිසිලනය කල කොමල ලීලා,
හිමකිරම වැනි දියවෙවී ගලන ඉමිහිරි වචන,
හදවතම ශීතනය කල විට,
මිරිස් වැඩි අච්චාරුවක් මෙන් දැනෙන,
මද්දහන් ඉර වගේ රැස් ඇති,
යහළුවෙක් අවැසිමය,
අයිස් යුගයට වසන්තය ගෙන එන්න.
තනි රැයක හොල්මන් කතා බලෙන් අහුරන,
"මොට්ට මෝඩි'යි" බැන බැන තනි රකින,
ලෙක්චර්ස්, කුප්පි අවසන,
කලුවරේ බෝඩිමට ඇරලන,
ඒ හිලව්වට පිඟානෙන් වඩයක් දෙකක් උස්සන,
යහළුවෙකු අවැසිමය,
කෙලිලෝල වර්ණ හද තවරන්න.
සුළි කුණාටුවක් තරමට කලබල
රැලි නගන මූද වාගෙම දල
සැලෙන දල්ලක් වගේ සමහරවිට සසල
යහළුවෙකු අවැසිමය
හැමදාම, හැමවිටම, හැමතැනම.
~~~~~~~~~
කවි ලොසින්ජරයක් එනකම් බලන් හිටියෙ
ReplyDeleteනියමයි කවිය
සහන්ගෙ එකත් බලන්නම වෙනවා
ජයවේ බස්!
බොහොම ස්තූතියි වර්ණ!
Deleteපහුගිය ටිකේ පොඩි නිවාඩුවක් ගත්තා. දැන් ආයෙම ලියනවා.
වෙල්කම් බැක්.
ReplyDeleteහ්ම්ම්ම්... නිකම්ම නිකං සමහර 'ආදර කතා' වලට වඩා මේ වගේ යාළුවෙක්ගේ 'අප්‍රකාශිත ප්‍රේමයක්' සිය දහස් ගුණයකින් අගේ වැඩියි..
හ්ම්ම් හ්ම්ම්ම්.. එහෙමත් වෙන්න පුලුවනි.
Deleteමචංලා බොහෝමය
ReplyDeleteමචං එකේ වෙරිවෙන
මචංලා බොහෝමය
ජීවිතේ වෙරි කරවන
ඇබ්බැහිය කොතෙක් දැයි
මචංලා නැතුව මොන ලෝකයක්ද
සුපිරි කවියක් නෙ කිචී අයියේ! මරු ඈ!
Delete