Wednesday, June 24, 2015

59. යහළුවෙකු අවැසිමය


The SAHAN බ්ලොග් අඩවියේ පලවූ "යෙහෙලියක් නම් සිටිය යුතුමය" කවියට පිලිතුරකි.





නොහිතනම වෙලාවක තුනී පාලුව මැදින්
හොලොග්‍රෑමයක් වගේ මතුවෙන
“ආ මචං කොහොමදැ’යි” විමසන
පිටට පහරක් ගසා,
වැරෙන් කණ මිරිකන,
යහළුවෙක් අවැසිමය,
රළු පරළු සෙනෙහසක් විඳගන්න.

සිසිලනය කල කොමල ලීලා,
හිමකිරම වැනි දියවෙවී ගලන ඉමිහිරි වචන,
හදවතම ශීතනය කල විට,
මිරිස් වැඩි අච්චාරුවක් මෙන් දැනෙන,
මද්දහන් ඉර වගේ රැස් ඇති,
යහළුවෙක් අවැසිමය,
අයිස් යුගයට වසන්තය ගෙන එන්න.

තනි රැයක හොල්මන් කතා බලෙන් අහුරන,
"මොට්ට මෝඩි'යි" බැන බැන තනි රකින,
ලෙක්චර්ස්, කුප්පි අවසන,
කලුවරේ බෝඩිමට ඇරලන,
ඒ හිලව්වට පිඟානෙන් වඩයක් දෙකක් උස්සන,
යහළුවෙකු අවැසිමය,
කෙලිලෝල වර්ණ හද තවරන්න.

සුළි කුණාටුවක් තරමට කලබල
රැලි නගන මූද වාගෙම දල
සැලෙන දල්ලක් වගේ සමහරවිට සසල
යහළුවෙකු අවැසිමය
හැමදාම, හැමවිටම, හැමතැනම.

~~~~~~~~~

6 comments:

  1. කවි ලොසින්ජරයක් එනකම් බලන් හිටියෙ
    නියමයි කවිය
    සහන්ගෙ එකත් බලන්නම වෙනවා
    ජයවේ බස්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ!
      පහුගිය ටිකේ පොඩි නිවාඩුවක් ගත්තා. දැන් ආයෙම ලියනවා.

      Delete
  2. වෙල්කම් බැක්.
    හ්ම්ම්ම්... නිකම්ම නිකං සමහර 'ආදර කතා' වලට වඩා මේ වගේ යාළුවෙක්ගේ 'අප්‍රකාශිත ප්‍රේමයක්' සිය දහස් ගුණයකින් අගේ වැඩියි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්.. එහෙමත් වෙන්න පුලුවනි.

      Delete
  3. මචංලා බොහෝමය
    මචං එකේ වෙරිවෙන
    මචංලා බොහෝමය
    ජීවිතේ වෙරි කරවන
    ඇබ්බැහිය කොතෙක් දැයි
    මචංලා නැතුව මොන ලෝකයක්ද

    ReplyDelete
    Replies
    1. සුපිරි කවියක් නෙ කිචී අයියේ! මරු ඈ!

      Delete