Friday, June 26, 2015

61. මේ ලෝකෙ අමාරුම රස්සාව



'නුවර කුමාරි' බ්ලොග් අඩවියේ උපේක්ෂා ලියූ "නඩුව" කවියට පිළිතුරකි



මං කියන්නේ ළමයෝ!
මේ ලෝකෙ අමාරුම රස්සාව,
වැහි වළාවක් වෙන එක.

තුනී විසිරුණු කැටිති අතරින්
උදා හිරු දිය පෙරා දෙන එක,
ඉහේ හිට පොරවා නිදන්නට
හඬාගෙන බිම ඇදහැලෙන එක,
අසිරි මල් වරුසා ඉහින එක,
සීරුවට තුරු පත් පිහින එක....

පෙනෙන නොපෙනෙන සේද  මිම්මට
සඳට සළුවක් වියන්නට ඇති,
උණ හැදුනු තරු පැටව් වට කොට
පිණි මුවාවක් තනන්නට ඇති....

රෑට ඕ.ටී. – දවාලෙත් වැඩ,
මහන්සියි ළමයෝ ඉතින් මට,
කෝපි දුම වැදෙනා ඇසිල්ලක,
වළා කැටි සිහිනෙකට පා විය.

ඔය ළමය ලේසියට අවනඩු කිව්වට,
මේ ලෝකෙ අමාරුම රස්සාව,
වැහි වළාවක් වෙන එක!


6 comments:

  1. හැබෑ නේන්නම්...

    ඉරේ රැස් දහවලේ විඳලා
    රැයේ සීතල අතරේ රැඳෙමින්
    ලේසි නෑ එක දිගට වැඩමයි
    අමාරුම රස්සාව ඒකයි.. හ්ම්..

    ReplyDelete
  2. මේ ලෝකෙ මිනිස්සු තමන්ට ලේසිම රස්සාව හොයා ගත්තත් ටික කලක් යනකොට හිතනවලු ඒක තමයි මේ ලෝකෙ තියෙන අමාරුම රස්සාව කියලා

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත කිචි අයියේ.

      Delete
  3. හුහ්... අමාරුම රස්සාව කියලයි එහෙනම් යුෂ්මති කියන්නේ ආඃ ? හිටුකෝ මම කියන්න



    (උත්තරේට ආසයි )

    ReplyDelete
    Replies
    1. කෝ කෝ කරුණු දක්වන්නකො ඉතින්...
      <3

      Delete