Thursday, June 25, 2015

60. උසස් විද්‍යාලයේ ප්‍රේමය





රතු හදැති ගැටවර රොබින් තෙම
කෙලින් කර අඩසඳ කපාටය
අනවසර කැදැල්ලක් තනන්නේ
හිස මදක් වම් පසට ඇලකර
අකුණු සැර තනුවක්ය ගයන්නේ

ගී හඬට උඩ පනින – කුඩා රතු රුධිරාණු
නියුට්‍රොෆිල කොල්ලෙකුට ඇස් වසා ඉඟිපානු
පට්ටිකා පැටවුන්ට නොපෙනෙන්න – හොරෙන් මෙන්
හිපොප් තාලෙකට හිස සලයි මහ භක්ෂාණු

බරැති කොණ්ඩා කරල් සුළඟෙහි පාකර
රතු රිබන් තටු විදා ඉගිලෙන්නට හැර
රොබින් තම නෙත් යුග සිහින් කර
පුළුන් කැටියක සැහැල්ලුව දෙන
සියක් අත්තටු පොත් මල්ල උඩ අමුණන

කාබනික රසායන සටහන් අතර
කුඩා හදවත් ලකුණු පිරී ඇත
බෙන්සීන් හාදු දෙයි ෆීනෝල් දැරියකට
මේ රෝස සුවඳක් ගෙනාවේ එස්ටර ද?

ඉතින් මම ගණනය කරන්නෙමි
රතු රොබින්ගේ පියාසැරියෙහි ත්වරණය,
හාදුවක් කියන්නේ ප්‍රත්‍යස්ත ගැටුමක්ද?
කොපමණද දුස්ස්‍රාවිතාවය සිහින දියරෙක?



8 comments:

  1. අපේ උසස් පෙළ ප්‍රේමය මීට ගොඩක් වෙනස්.. හික්.
    හාරත කලාබර..
    බූරු නවය ආසි..
    තුන්සිය හතර..
    ඉන්ටිබල් එකට දුං කෝච්චි..
    ඉස්කෝලෙ ඇරිල පදින්න රොකට්..
    ක්ලාස් පීස් දවසට නැටුං තෙල්..
    ඔය මොකක්වත්ම නැත්තං
    සුරම්‍යා මිස්ගේ උත්තල දර්පණ.
    පුදුමයි අද මෙහෙම ඉන්නවා.. !!! :(

    ReplyDelete
  2. හාදුවක් කියන්නේ ප්‍රත්‍යස්ත ගැටුමක්ද?

    සුපිරියෙත් සුපිරි
    ජයවේ බස්!

    ReplyDelete
  3. මේකට කූඹි එනවා....!

    ReplyDelete