Friday, September 30, 2016

211. 'උතුම්-පැතුම්' රාක්කයේ ගොම-කොල පාට ටෙඩිවළහා




බදාගෙන මේ සීත වීදුරු බිත්තිය
දවස් එකසිය හැටක් ගතවිය, තිත්තය!
හප හපා ගෙල බැඳි රිබන් පටි
නරඹන්නෙ මෙගා ටෙලියක් වගේ 
තුම්මුල්ල හංදිය

ගුම් සරින් බමන රෝද තව තව රෝද
කන් අඩිත් පුපුරුවන හයිපිච් හෝන් නාද
කොයි රටෙත් ට්‍රැෆික් කණු මේ විදියද?
රත් කරන් තනි ඇහැ නිතර ඔරවනවද?

එක්ස්කියුස් මී, කැරළි කොණ්ඩා මෙනෙවිය,
එක්කරන් යන්න බැරිනම් – එක්වරක්වත් මා වඩා ගන්නවද?

ඩෙනිම් කලිසම්, පාට බාටා අඳින
කෙසඟ කළු උස කොල්ලන්ට මම කැමතිම
බෝඩ් උස්සං වටරවුම වටලනකොට
කියෝගමි එක හුස්මකට රතු අකුරු ඔක්කොම

දන්නවා මං මේ ටෙඩි-වළස්-දෛවය
ගොම-කොල පාට කියන්නෙ පූරුවේ කල කරුමය

එක්ස්කියුස් මී, කැරළි කොණ්ඩා මෙනෙවිය,
සැන් වැලන්ටයින් සමරන දවසට
මං දිහාටත් අත් දෙකක් දිගුවේවිද?

3 comments:

  1. එක්ස්කියුස් මී...
    අර ගොමපාට ගෙම්බා..
    කර්මිට්ටත් ලව් කලා
    කරාටේ ගහන
    කැරළි කොණ්ඩා කාර
    මිස් පිගී...!

    ReplyDelete
  2. ඇයි ගොම පාට ටෙඩියොන්ට කෙල්ලො කැමැති නැද්ද????

    ReplyDelete
  3. නෛාගැලපෙන තැනක.. පව්.. හැක්

    ReplyDelete