හාත්පස අළු අඳුර
පාත්වෙන කළු වළා කැටියකින් බට
හිරිපොදක් පය අද්ද අද්දා ඇදේ පහළට
පහළට
වාමුවා වීදුරුව සිපගත්
අධිවේග වැහිපොද දිවිල්ලේ
පහළ සිට ඉහළට
ඉහළට
තුංග ගිරි සිරසද
ටර්පන්ටයින් තුරු ද
කුඩා පැල්පත් පෙලද
කඩිමුඩි මිනිස් කැලත ද
එකම එක තනි ඉරක් වෙන මොහොතක,
පසක් වෙන්නෙය ;
සත්පාට කැලැත්තීමෙන් ඉපැදි
සුදෝසුදු ආලෝක පුංජයකි
විශ්වය
No comments:
Post a Comment