Thursday, September 8, 2016

207. කක්කුටු ගම



කක්කුටු පොඩිත්තෝ
තනි කෙලින් ටියුශන් යන
සෘජු චලන - මුදු බැලේ නර්තන උගනින

නාඹර මෙනෙවියෝ
අවු කණ්නාඩි පළඳින -හිරු තපින
මූදු වැල්ලේ එරි එරී
කැට් වෝක් යන

වංසවත් කක්කුටු මහත්තුරු
වෙසෙස් ඇත් ගමනක
කුළු දෙකන්පෙති වෙනුවට
කුඩා අඬුබඬු පද්දන

කක්කුටු ගම
පාරවල් විතරක්ම ඇද
අවශේෂ වැඩ සේරම
රූලට තිතට සිදුවෙන

1 comment:

  1. අමුතු පරිකල්පනාවක් නියමයි !

    ReplyDelete