Monday, February 15, 2016

200. අන්තරාභව අතර



වාරුවක් නැතද ඇදි ඇදී යන
වලාකුළු කැටිත්තක් වගේ මම
සීරුවට මතක බිඳු උරාගෙන
මග බලමි, සොයමි, වැහි ලිහිණි තෙම

බැලූ බැල්මට සිඳී ඉරිතැලුන
නොවැදගත් කුඩා දිය පෙතක් වුව
අන්තරාභව අතර 
වැහි හඬක අන්තරා කොටසක් ගයන වග
නොදන්නේ නෑ නොවෙද ඔබ සබඳ?

3 comments:

  1. අන්තරා භවයක
    - ඇතැයි කියන
    අන්තරාව ගැන,
    විටෙක විත් කියනවද
    පිය සකිසඳ

    ReplyDelete
  2. ලස්සනයි... දෙසීය නේද සුභ පැතුම්

    ReplyDelete
  3. වැහි හඬක අන්තරා කොටසක්..!!

    ReplyDelete