Thursday, November 12, 2015

170. දැන් ඉතින් ආයෙම හිම!

සමූහ කවියකි.

ලිව්වේ :
අමා ජයසිංහ, හෙල්මලී ගුණතිලක, M.K.C.P. ශෂීන්, විසල් සේනාතිලක, දිනේෂ් සිල්වා, මානෙල් ප්‍රනාන්දු, යශෝධා සම්මානි





ගිනි රත් තැඹිලි පෑ සළු
උනා හැර නිරුවත් වේය තුරු
අවසන්ය සාද දැල්වුම
දැන් ඉතින් ආයෙම හිම!

රත් තැඹිලි කහ පෑ
නෙක පත් නිදයි අතර පොත් පිටු
සහස් පත් සරසාවි මගතොට
සුලංරැලි හා පියාසැරියක,
අහුලගන්නට නොමැත කිසිවෙකු !

හිම පියලි අස්සේ  
තණ පත් නිදයි සිත්සේ 
කහ පැහැති සඳ ඉරි 
තුරු පේලි අතරින් වෑස්සේ

සුදු පැහැ පසු බිමක
දිගටෝම කළු ගැහුණු තුරු
එන්නත් කළින් ගල් වුණු
හිම මිනිහෙකුගේ කඳුළු

සීනි කුඩු වැස්සේ
සිහින සැඟවේ තුහින බිස්සේ
උඳුන් ගිනි අස්සේ
දර පතුරු හෙමි හෙමින් ගැස්සේ

ඉතින් ප්‍රිය මහත්වරු
සෙමෙන් රැය පහන් වන තුරු
මදුවිතක් ඇවැසිමයි
මහත්මිය නිදි ගත් පසු

දර දැවී අළු ඉතිරිවී
හිම වැටී අළු  නිවිනිවී
යුෂ මිදී තොල් තෙමී
හිත මැරී සාදය නිමවී

අතැර යනු නොහැකිව 
තුරක නිරුවත් පපුතුර 
හිස හොවා වැලපෙන 
ගිනි රත් තැඹිලි පෑ
මේපල් පතක කඳුලක්  
මිදී ඇත තුරු අග

දැන් ඉතින් ආයෙම හිම!



5 comments:

  1. සමුහයේ ප්‍රයත්නය අගෙයි

    ReplyDelete
  2. හැමෝම එක විදිහට ගලාගන යන්න ලියලා .... නියමයි !

    ReplyDelete
  3. ගොඩ දෙනෙක් ලීවත් කිසිම අවුලක් නැතිවෙන්න ගතියටම ලියල තියෙයි
    අගේයි ඇත්තටම

    ReplyDelete
  4. බොහොම ස්තූතියි හැමෝටම!!

    ReplyDelete