Tuesday, November 10, 2015

169. ස්මාට් අම්මා




ස්මාට් ජංගමය ඇතුලෙන්
ඉස්කෝලෙ මිස් අරන් එන්නැයි කියූ
කප්පරක් පිංතූර ගූගල් කෙරෙම්මා
ප්‍රින්ටරේකට සුදෝසුදු කරදහි කවා
ලෝකයක් දෝතට ගෙනෙන්නී වඩමින් පෙම්මා

ඔන්ලයින් කඩවීදි ගානේ
පැකට් කල ඔළිඳ, මදටිය හොයා ඇහිඳිම්මා
දොළොස්වෙනි තට්ටුවෙන්
'ගෙවත්තේ සුවඳ මල්' පුබුදුවා ගන්න හැටි
දහ අතේ කල්පනා කරන්නී ගෙල නම්මා

ස්ට්‍රේට් කෙස් මැදින්
දිලෙන තරු ඇස් දෙකේ සෙනේ නැත නිම්මා
ස්මාට් කැෂුවල් ඇඳන් වැඩට යන
ස්මාටීස් අහුරක් අරන් ගෙදර එන
ඇගෙ නමත් 'රත්තරන් අම්මා'!


11 comments:

  1. අයත් අම්මා කෙනෙක් කිව්වොත් බස්සි අක්කා? අම්මා අම්මයි, අගේ වටාපිටාවයි වෙනස් වෙන්නේ කාලෙන් කාලෙට යුගයෙන් යුගයට, ඔය අද කාලේ අම්මා කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මට මේ කමෙන්ටුව නොතේරේ.

      //ඇයත් අම්මා කෙනෙක් කිව්වොත් බස්සි අක්කා?// දැන් මම මේකෙන් කියන්නෙ මොකක් කියලද ඔයා හිතන්නෙ? :)

      Delete
  2. ඇඳුම් පැලඳුම් වගේ භාහිර දේවල් වලින් අම්මාගේ ආදරේ වෙනස්වෙන්නෙ නෑ තමයි.

    ReplyDelete
  3. ගායෙන් මං මුදවලා
    සීලෙන් අග තැන් කළා
    කෝලම් කර මාගේ පාලු මක මකා

    මේ ලස්සන ලොව පුරා
    මා එක්කම සැරි සරා
    ජීවත් වෙන කාලේ තාලේ හුරු කළා.

    https://www.youtube.com/watch?v=0H1lYGhB820

    ReplyDelete
  4. මේකෙ උඩ කමෙන්ට් කරල තියෙන, අද පත්තරේ මේ ගැන ආටිකල් එකක් දාපු බුවා තමයි මට ඔයාගෙ මේ කවිය පෙන්නුවෙ. ඒ වෙනුවෙන් ඌට ස්තුතියි.
    මට මෙහෙම පොතක් අවුට් වෙනව කියල කිවුවෙ ලිෂාන් කියන ගෝතයා. මං ඒකට ඌත් එක්ක එන්න උන්නත් ගෑනි බඩිං නිසාත් පූර්ව විළි රුදා අමාරු නිසාත් මට එන්න වුනේ නැහැ. කොහොමත් මං ඔය හෂිතයිය කතා කරන එවුවුට එන්නෙ නැහැ. මට පොරවයි පොරගෙ වයිෆ්වයි එච්චර දිරවන්නෙ නැහැ :-D
    මේ කවිය කියවල ආතල් එකට මං තව කවි කියෙවුව.. එතකොට මට හිතුන අපරාදෙ ඒව කියවල ඉවරවෙලා මේක කියවන්න තිබුනනෙ කියල. මං හිතන්නෙ මං මේකෙන් ගත්ත ආතල් එක ඒවයෙන් කැඩුනා. ඒත් මං මේ

    පතරංගෙ මෙතනටම ගහන්නෙ මේකට මං කැමති නිසා.
    ඔයා මේක කියවයිද දන්නෙ නැහැ. ඒත් කියල දාන්න ඕන. හැබැයි මං හිතනව ඔයා ආලවට්ටං වචන ඔබ්බන්න ගිහිං සමහර කවිවලට හිකිල ගිහිල්ල කියල. ඒකට ඒ දරුණු වචනෙම පාවිච්චි කරන්න වෙන්නෙ ඒ කරල තියෙන දේවල් දරුණු හින්දම තමයි. මට දවසක් ඇහුනා චින්තන ගීතදේවත් දවසක් ඒ වගේ සින්දුවක් කියනව. ඒත් ඉතිං මේක තමයි කවිය. ආහ් ඒ එක්කම කියන්න ඔන මං කවි ගැන දන්න අලබෝලෙකුත් නැහැ.

    බස්සි කියන නම මට එච්චර අල්ලල ගියේ නැහැ.

    කෙල්ල ලස්සනයි, අදහස් හොඳයි හින්ද කෙලින්න බලාගෙන එන එවුන් කියන ඒවට ඇන්දෙන්න තරං ගොං නැතුව ඇතියි කියල ලියන දේවල්වලින් පේනව. දන්නවනෙ.. බ්ලොග්වල සාන්තුවරයො නැහැ. ඉන්නෙ සාන්තුවරයො/වරියො වෙන්න හදන එවුන් විතරයි.

    ආහ් මං බ්ලොග් ටෙම්ප්ලේට් එකත් මගේ ඇහැට ටිකක් අවුල්. ලිෂානයට පානියක් දැම්මනං නියම එකක් ගොඩ දාන්න තිබ්බ. ඌ හෙන ප්‍රසිද්ධයි වැඩේට.

    කොහොම වුනත් පොදුවෙ මේ හැකියාව හරි හොඳයි. බන්දුජීවයගෙ වැඩවලට දෙවනි වුනත්, චූ බින්දුවටත් කවි ලියන අන්තර්ජාල කවි බුවාලට වඩා මේව හුඟක් ඉහලයි. කවදාකහරි මේ හැකියාව හොඳ ගානකට විකුණගන්න පුළුවන් වෙන්න කියල පතනවා. ඒ තරුණකමවත් ලස්සනවත් හින්ද නොවී සුනේත්‍රා හෝ අයියන්දේ(මට සුනේත්‍රවයි අයියනදෙවයි දිරවන්නෙ නැහැ) තරං වයසට ගිය කාලෙකත් ඒ විකිණිල්ල එලෙසම තියෙන්න පතනව.

    ReplyDelete
    Replies
    1. man me a gaani ta mail 1k yawanna hithan hitiye umba kiyala tiyena samahara karunu kiyala.. tho comment 1kin ma eka iwara karala demma neh?  

      pothe tibba kavi walin hoda 1 kaviyak tamai meh.. ithuruwa umba kiyala...

      Delete
    2. ඔයා කවි ගැන කියපු අදහස් ටිකට ස්තූතියි. ඒක හිතට ගත්තා.

      මේ බ්ලොග් එක හැදුවෙ මගෙ කලර්ස් පෙන්නිල්ලකට කියලා වරදවා වටහා ගන්න එපා. මෙතන තමයි මම ලියන චාටර් කවියි හොඳ කවියි සේරම එකතු කරන්නෙ. මේක නිකම් හෑන්ඩ් බෑග් එකක් වගේ. දාහෙ පටිත් තියනවා, මූණ පිහපු ටිෂූ කෑලිත් තියනවා. එච්චරයි.

      කැමතිනම් "බස්සිගේ නවාතැන" බ්ලොග් එකත් බලන්න.

      නම ගැනයි, බ්ලොග් ටෙම්ප්ලේට් එක ගැනයි නම් කියපු ඒවා අනේ මන්දා ඉතින්. අච්චර හොඬට කවි ගැන කිව්වටත් පස්සෙ! :)

      Delete
    3. අංජන,

      අහා, "ගෑණිට" දාන්න හදපු ඊ මේල් එකේ කවි ගැන මට ප්‍රයෝජනවත් අදහස් ඇතැයි හිතෙන නිසා ඒක කමෙන්ටුවක් දැකලා නවත්තපු එක අපරාදෙ කියල හිතුන. කරදරයක් නොවේනම් ඒක එවනවනම් සතුටුයි.

      එතකොට චාටර් කවි අඩුවෙලා කියවන්න ඇහැකි කවි වැඩිපුර ලියවෙන්න ඉඩ තියෙනවා, සමහරවිට.

      Delete
  5. Bassi,

    Kavi walata comment karana 1 sahenna kalekata kalin nawattuwa. Hari man ewannam :)

    ReplyDelete
  6. Bassi,

    Kavi walata comment karana 1 sahenna kalekata kalin nawattuwa. Hari man ewannam :)

    ReplyDelete