Tuesday, November 10, 2015

168. සමකාසන්න සුඛවිහරණ



පිටත වැසි
රිය ඇතුලතද සීතය
සමකාසන්න නගරවලදී
සීතල කියන්නේ සැපයටය.

ටයි ගැටය
හරස් ඉරි ඇඳි කරපටිය
හුස්ම සිරකරවන
වහල් බව සිහිකැඳවන
වැයෙන්නේ ඉංගිරිසි ගීයකි සිහින් ස්වරයෙන්
'සිහිල් සුළඟේ පාව යන්නයි' ඇරයුම්

තදබදය!
රිදුම් දෙන ගෙල හරවමි
වමට - දකුණට - පසුපසට
ටයි ඇඳි බැටළුවෝ
සැපපහසු කුඩා රථවල ගාල්ව
හෙම්බත්ව
ලොම් අහිමිව
රථය තුල සීතලෙන්, යන්තම් ගැහෙමින්

සමකාසන්න නගරවලදී
සීතල කියන්නේ සැපයටය!


4 comments:

  1. පට්ට, හිතන්න යමක් තියෙනවා

    //සමකාසන්න නගරවලදී
    සීතල කියන්නේ සැපයටය!//

    ලොකු කතාවක් කියනවා.

    ReplyDelete
  2. සීතල කියන්නේ සැපටය...

    ReplyDelete
  3. සමකාසන්න නගර වලදී ටයි පටි හිර කරගෙන ඉඳීම.....
    //ටයි ඇඳි බැටළුවෝ
    සැපපහසු කුඩා රථවල ගාල්ව
    හෙම්බත්ව
    ලොම් අහිමිව//
    නියමෙට කියලා

    ReplyDelete
  4. පිස්සු හැදෙනවා..! මරු

    ReplyDelete