Sunday, July 2, 2023

307. මින්ද්‍රේ

 සාංකාමය ගුලියක් හිරවෙලා ඇත උගුරේ

අදිසි උල් කිණිස්සකි ලපැත්තේ ගැඹුරේ

අනන්තය කියන කෙම්බිමට තව කොයි කාලයක් දුරද?

කුඩා සති කිහිපයක් පමණයි තවමත් ගෙවී ඇත්තේ මිහිරේ...


ඉපැරණි ක්ලැසික් ගීයක අන්තරා කොටසක

මෝටර්සයිකල් ඩයරීස් සලරූ රාමු කිහිපෙක

ඔබම මා වෙත එවා ඇති කෙටි කවියක

නිද්‍රෞෂධ ඇතත් එතැනින් සිහින පොකුරක් ඇහැරේ...


තාරුකා පවා සිහිසුන් බැවින්

අනන්තෙට දිවෙන පොඩි අඩිපාර ඇත්තේ අඳුරේ

දෑස් බැඳ ඇති පිනි කැට තිමිර පිසලමි

නූස් ගෙල උස්සා කටුලැහැබ වෙත ඇහැ ලමි

කුඩා සති කිහිපයක් පමණයි තවමත් ගෙවී ඇත්තේ මිහිරේ.....


No comments:

Post a Comment