Sunday, July 2, 2023

305. ක්වාලාලම්පූර් ඉර



වදකාර පැණි දොඩං ගෙඩියකි

ක්වාලාලම්පූර් ඉර

දිවා ස්වප්නය ඇතුලට පැඟිරි වක්කරන

ඇස් පිහ පිහා අවදිවෙනකොට

කොක්සන් හිනා දෙන


නගර උද්‍යානය මැද්දට

රන් පැහැති සෝරස ඉසින

වතුරමල් දොඩම් ඉස්මෙන් දෙතොල් තෙත්කර

උස් කුළුණු හිස් සිපගන්නෙමැයි දෙස් දෙන

දවල් දොළහට ගලගල ගගා උඩ පනින


කම්මැලි කෙල්ලකගෙ දම්-රත් පැහැති කෙස් මත

පැඟිරි චුම්භනයක් තියන

ඇඹුල් වුන මූණ මැද්දට විරිත්තා

දුඹුරු හම තද-දුඹුරු කරවන


ක්වාලාලම්පූර් ඉර

දිවා ස්වප්නය නියතුඩුවලින් කොනිත්තා

දොඩම් පොප්සිකල් දෙකක් දෝතට දෙන

ඉන්පස්සෙ, කම්මැලිම කෙල්ලොත්

ඇස් පිහපිහා කවි ලියන!


No comments:

Post a Comment