Saturday, July 1, 2023

302. අහඹු

කුහුඹු ගුල් ඇවිස්සුනු දවස්වල

වෙනදාට ඉක්මනින් රෑවෙයි


අහඹු සල්ලාපයක අතරමැද

ඔබෙ දෙතොල්, මගෙ කොපුල් යාවෙයි


කියඹු වැල් ලිහී ඉහිරෙන තැනක

පිච්ච සුවඳක් හදේ ගෑවෙයි


සුහුඹුලේ පිපෙන තරු අහිනකට

ඔබේ ඇස් දිස්නයම බෝවෙයි 

~

No comments:

Post a Comment