Saturday, July 1, 2023

303. නවකතාවේ වීරයා; ඔබ



හිස බමන වෙලාවට විතරක්ම

ඔබ අහන

තත්පර එකසිය පනහෙ කුඩා සංගීත ඛණ්ඩය;

මම


උණු කෝපි බඳුනක්ව - පැහෙද්දී ඔය හදවත

මේසයත් ඔබත් අතරින් වැතිරෙන

පැලුම් පැල්ලම් නවත්තාගෙන - ආපදා සේරම උරාබොන 

ඝනැති කපු ලේන්සුව; 

මම


තොල් ආලේප පිහදාන

අනතුරුව කුණු කූඩෙකට දාන

මේකප් රිමූවර් ටිෂූ කොල අහුර; 

මම


වැහි වෙලාවට පිපෙන

අඳුරු අහසකත් හසරැලි අඳින

වෛවර්ණ ඉඳුදුන්න; 

මම


සත්පාට වියැකෙනත'ර - වෙණ තත් බිඳෙන්නට හැර

සපුරාම ප්‍රීතියෙන් නික්මෙයි - ගීතයක් සිවුරුහන් කරකර

නවකතාවේ වීරයා; 

ඔබ

.

No comments:

Post a Comment