Thursday, August 18, 2022

288. තිතක් මෙන් ඔබ දැකිය නොහැකි තැන

 



මුදා හැර කෙස්ස මුදු මද පවනට

විදා ගමි දෙ’අත් ඉහලට ඉහලට

පිපී එන්නෙය නැවුම් බිම්මල්

ලා තණ පලස මත්තේ


ඉගිල්ලෙන්නයි උවමනා මට

තෙතක් තැවරුන වලා පෙති මැද

සරනවිට ඔබමොබ

තිතක් තරමට කුඩාවට දැකගන්න ඔබ


යදම් නැත – තහනම් නැත

කුඩා කවුළුවකින් ගලන සඳරැස් දැක

හඬ වැලපෙන්නත් නැත

කිදී කිමිදී විඳින්නට නිදහසේ මී විත

රිදී තිරපටකිනුදු අවහිරයක් නැත


පියාපතකින් සැහැල්ලුව ගෙන

වියා සකසුරුවමට ස්නේහයක් 

මකුළු හුයකින් වගේ වෙලා ඇත


පෙමක් හදවතක ඉපදවෙන තැන

සිඳුත් සුදු සඳුත් මුණගැහෙන තැන

විලංගුත් නැතිව හිර කෙරුන තැන

තිතක් මෙන් ඔබ දැකිය නොහැකි තැන

3 comments:

  1. සිඳුත් සුදු සඳුත් මුණගැහෙන තැන
    තෙතක් තැවරුන වලා පෙති මැද
    පියාපතකින් සැහැල්ලුව ගෙන
    තිතක් මෙන් ඔබ දකින්නෙමි මම

    ReplyDelete
  2. අපගේ මතකය හා දත්තවලට අනුව ඔබගේ බ්ලොගය යාවත්කාලීන වී ඇත්තේ බොහෝ කලකින්!
    දැන් දිගටම ලියන්න. ඔබගේ රසවත් ලිවීම; කියැවීමට බොහෝ දෙනෙක් බලා සිටිනු ඇත.
    කෙසේ වෙතත් නැවත ඔබ ලියනු දැකීම අපගේ ලොකුම සතුටයි.
    ඔබගේ බ්ලොගය අපගේ sandhakadapahana.blogspot.com සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ දැක්වේ. මෙම සින්ඩිය අවකාශයේ පවතින; වඩාත්ම පුළුල් පරිසරයක් වටා පැතුරුණු සින්ඩියයි. ගණනින් 1200 ඉක්මවා යන බ්ලොග් ප්‍රමාණය මෙම සින්ඩියෙන් යාවත්කාලීන කරයි!
    අපගේ සින්ඩිය ඔබගේ බ්ලොගයේ පසෙකින් දක්වා ඒ පිළිබඳ කරණු ලබන ප්‍රචාරණය අප මහත්සේ අගයන්නෙමු! ස්තූතියි.

    ReplyDelete