Thursday, January 7, 2016

188, ආදරේකට තියෙනවා එක එක සුවඳ!

THE SAHANට ලියූ පිළිතුරු කවකි.



නීරස උදෑසන දෙසුමක
දෙනෙතගින් වෑහෙද්දි නිදිමත
අත කොනිත්තා මිටිකල
පෙපර්මින්ට් පෙත්තක සුවඳ

යකඩ අසු ගිලන් වුන
කර්කශම මද්දහනක
දෙඅත් පටලා, ඇස් සිහින් කල
පැට්‍රෝල් දියරෙක සුවඳ

අලස හැන්දෑවක, සරසවි උයනක,
හිස ඔබා ලමැදට,
ආදරේ මුමුණනාත'ර හැමූ
අළුත කැපු තණකොල සුවඳ

එක්සෙල් ෆයිල් අතර දියවෙන මැදියමක,
රළු අතින් හිස සෙමින් පිරිමැද
"නිදිමරන්නෙපා ඔය තරම්" කී
උණු කෝපි බඳුනක සුවඳ

ඔව් මිතුර,
ඔබ කියූ විදියටම,
ආදරේකට තියෙනවා
එක එක සුවඳ!


5 comments:

  1. Short note kala path iru puskolayaka...
    Hara bara kalada thulanaya nowu ginum sheshayaka..
    Gel pen thudu himin mumunmin akuru kala..
    nil pata bondaa wechcha ikigasana carbon suwanda...
    (kawiya kiyewwama mge hithata danuna de thmi liwe)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඇත්ත ම ඇත්තයි!
    නෙක නෙක ආදරේට තියෙනවාමයි
    එක එක සුවඳ!

    ReplyDelete