Thursday, January 7, 2016

184. අත් බැඳුම් අත් හරිනු පිණිසය



ප්‍රේමයෙහි පැවතීම
අත් බැඳුම් අත් හරිනු පිණිසය

සරා ගව් සියක් දුර
දරා හද අගුළු බර
විරාගික මදහසක
කිමිදෙමින් සැනහීම පිණිසය

ප්‍රේමයයි කියන්නෙම
ඉමක් නැති නිල් අහසය
නිල් දියෙන් ඉතිරිච්ච
නමක් නැති දුල් දෙනෙතය


1 comment: