Thursday, January 7, 2016

180. වයමි ඉසියුම් මතක ස්වර




රැයෙහි ඝනඳුර එකලු කර
සඳ කිණිත්තක් නැගෙන'යුර

අහඹු කඳුළක් වැටෙන'තර
මැතිරෙනා මුත් පෙම් සුතුර

කුහුඹු පා සටහනක් හැර
නොමැති සැමරුම් ශේෂ කර

හදෙහි වෙණ තත් සුසර කර
වයමි ඉසියුම් මතක ස්වර


No comments:

Post a Comment