Thursday, January 7, 2016

186. සමකයට හිම රටෙන් කොටහක් එවා ඇත!




රිදී පැහැ පෙට්ටියක
ලා රෝස හැඩ ලියුම් කවරෙක
පරෙස්සම් අතකින් බහා
සමකයට හිම රටෙන් කොටහක් එවා ඇත!

ලැවැන්දර කියන්නෙත්
සැවැන්දර වගේමය
ආදරේ ගුලිගැහී නිදියන්නෙ
හදවතේ ඉසියුම්ම තැන්වලය

දැන් ඉතින් ඕතමය කියන්නෙම
නේක පැහැ මේපල් ය
ඕතම් සුවඳ කියා දැනෙන්නෙම
ආදරෙන් බරවෙච්ච මහනෙල් ය...


2 comments: