"සහෝදරයා මේ සිස්ටම් එකෙයි වැරැද්ද
අසාධාරණ ලෝකෙක - සාධාරණ ඩිසිශන් කොහෙන්ද?"
මිස්ටර් පෙරේරා බලන්නෙම ඔළුව ඇල කර
බ්‍රිස්ටල් එකට දබරැඟිල්ලෙන් හීනියට තට්ටුකර, අළු කඩකඩ
පුල්ස්කැප් පිටුවල තීරු වගු ඇඳ රූලට
දවස තිස්සෙම බැලන්ස් කරන්නෙ නූලට
ගැස්සුනොත් හෙම බොස් ඉන්නෙ අස්වීම අත උඩ තියාගෙන
කිස් කද්දි හිත ෆයිල් මැද දියවෙන සිහින අස්තීරය
කිරිකිරියෙ වෙවුල වෙවුලා විදුලි පංකාව
"සර සරස්" කියකියා දවසෙම හුස්ම බෙදුවට
කිහිලි දෙක ඉක්මනට දියවෙන්නෙ දාඩිය උස්නෙට
සැහැලි කවියක් නෙමෙයි තවලමක් ළමයෝ මේ ජීවිතය
හීනියට එකක් ගත්තම හවසට ඔයා ඉන්නෙම හොස්ස උස්සගෙන
අතින් අල්ලාගන්න හැදුවත් යන්නෙ උරහිස් ගස්සගෙන
තිස් හයක් ගෙවිලා දැන් - තව කීයක්ද කියල දන්නෙත් නෑ මං
ඉස්සර මනෝ මන්දිර පාමුලයි මම තාමත්
ලා රෝස ලිප්ස්ටික් හාදු රැඳුනේම නෑ කමිස කොලරෙක
මාත් ආසයි හීන අහුලන්න අතරමං වෙන්න දවසක
අත්තටු බැඳන් කිමිදෙන්න යන්නට විස්කි පාටැති අහසක
අපි එක්ක අපි අතරමං වෙමු එකම එක දිග හවසක