251. දම් පැහැති ස්වප්න සුණු
දම් පැහැති ස්වප්න සුණු අහුරක්
සීරුවට අහුලා - ඕතම සුළං මැද වියළා - පෙමින් අසුරා
පෙම් සිතැති කුඩා මව්වත් අඟනක්
ම අත පත් කර ඇතියෙන්
තර්ටි ෆස්ට් සැමරුම් මිටින් ගෙන 
කවුළුවෙන් එපිටහට අතහරිමි
ගිල්ටි නොදැනෙනු පිණිස
හෙට්ටු කල නොහැකි මාකැට්ටුවෙන් 
දම් ස්වප්න සුවඳ කැටියක් ගෙනෙමි
කුඩා එලි තිතක එසුවඳ දකිමි
මදි පාඩු නොවෙන්නට
ඉන්ද්‍රජාලමය සේයා සොයමි
ලැවැන්දර පැහැ විසුල අහස යට
ස්වප්න සුණු අතර මුසපත්වෙමි!
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
එළ. බස්සි මේ වෙනත් බ්ලොග් අඩවියක් නේද?
ReplyDelete