Thursday, January 12, 2017

223. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී?



අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යලි යලිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී'


තටු සිඳුණු නව යොවුන් විහඟුන්
පටු උගුරු පුම්බපුම්බා
අළුත් තනු හොයන කල්හී
පිටුදකින පිටුවහල් කරවන 
කෙටි මගද කියනු මැන මහතුනී,
ළමැද්දට මානා මුදා අත්හල හී?


මුල් ද ලා දළු ද සිඳ
බොල් කඳට ආවඩන දේශයක
වප් අහස ගුගුරුවා ඇද හැලෙන
වැසිදියත් තිත්ත මලකඩ රසකී


පස් අතර හංගා තැබීමෙන්
වසං කල හැකිද වැගිරුණු සීරී
දම් සකක් අලවා උරිස්සේ
උණ්ඩයෙන් නගන වන්දනා ගාථා හඬද,
'ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී'?




No comments:

Post a Comment