කුඩා කළු පැහැ අකුරු පොකුරුය
හිස පුරා චලන සිත්තම් අඳින
තැනින් තැන දාස්පෙතියා මල් ය
"අනේ අයියේ මාව කන්නැ'යි" කොඳුරන
දාස්පෙති දකින ගානේ හිත තිගැස්සෙන
ශ්යාමලී ගෝමස්ගෙ නැට්ට ගැන,
කතාවක් නැතිකොට අපේ විමළාවට නිදිමත නො'එන,
රුක්මනී වගේ ඉස්ටැයිල් ඕනෑමයි අඬන,
හීනෙනුත් කම්මුලට බළල් කොට්ටා පහරක් වැදෙන.
හිතනලන්තය හොයහොයා සිතියමක් ඔරවන,
GPS විකල්ලෙනි - GoogLe Maps අනේ මට තව බෑ කියන
CraZy FaNsලාය - සිතියම උඩ ඉඳගෙන බ්ලූබෙරි මෆින් බුදින
FiReෆොක්ස් ChRomE ඇතුලෙන් සාවාරියාගේ පියාව අමතන
'මිස්ටර්. FigaRoගේ සුවදුක් කොහොමදැ'යි" නිකමට අහන
අමිලානි සිය හිසට දෙවරක් තඩිබාන,
කළු අකුරු එළියට අදින, සුදෝසුදු පිටු පුරවන,
හිතනලන්තෙන් කුඩා කොටහක රැපින් පේපර් එතෙන
අනේ අපි හෙට වෙනකල්ම මග බලන - කෙල හලන.