Friday, June 12, 2026

321. තේ විවේකය




ඇහිබැමි වැහෙන තරමට

වැහි බ්ලැන්කට්ටු ඔසවා

ඈනුමක් දෙකක් පා කර යවද්දී

අලස බන්ග්සාර් නුවර


"තේ-තරික් පමා මන්දැ'යි?"

මෆින් කන්දක හැංගී,

බ්ලූබෙරි සිඟිත්තෙක් විමසයි

මචා වන වදුල දැල්වී,

අල කූරු කරස් ගා බඳ නලවයි

චීස් කේක් සානුව අසබඩ

පෙන්ග්වීනයෙක් පාඩුවේ හිමබෝල පෙරලයි


ජපානෙන් ආ දෝසි කැබලිති අතගෙන

වියට්කොං හිමකිරම බලඇණි රැස් වෙයි

තායි අඹ ඇතිරිලි සිසාරා

පැණි කැවූ උකුකිරි දියත්තක් වැතිරෙයි

නොරට්ටුන් මොන රැඟුම් රැඟුවත්

චෙන්ඩෝල් නොසැලෙයි!


දුම්ගුලාවක් මැද්දට

සෝබනකාර පළතුරු සුවඳ මුහුවෙයි

සකුරා - මින්ට් - මී පැණි පසුගමන් එනු දැක

තුටින් මුසපත් පෙණහැල්ල සිහිසුන් වෙයි


කුළුණු හිස් කිවිසුම් යවද්දී

කුස පිරුණු පෙන්ග්වීන සෙබළුන්

‍උකුළු පරිගණක වෙත එලැඹෙයි


ඉනික්බිති

කේ පොප් ගීත ඇහැරෙයි!


6 comments:

  1. උපමා රූපක හරි දුරස්තයි, ඒත් කියවලා බලමු තම සැරයක්

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර ගණන් ගන්ට එපා

      Delete
  2. අඩේ... බස්සි පැටියො....! ගොඩ දවසකින් නේ ද?

    ReplyDelete
    Replies
    1. ඔව් නෙ අංකල්. බලන්නකො පහුගිය දවස්වල ලියපුවා හොඳයිද කියලා

      Delete
    2. කියන්නත් ඕනිද ළමයෝ.... එදා වගෙම සද්දයි, ඇස් වහන් අහනවා මම. ආදරෙයි.

      Delete