Thursday, September 8, 2016

206. තවත් මට මග බලතැකී



තරුත් ඉඳහිට රහස් කිවුවත්
සවන්පෙති ගන්වා කිතී
සුරත් රතඹර පෙතිත් එක දෙක
හැලී හැකිලී නිදිගතී

සියක් පිණි කැට අහුල අහුලා
සඳවතිය මුව දොහොවතී 
නැතත් අත ලඟ තියන් හිත අග
තවත් මට මග බලතැකී


No comments:

Post a Comment