Tuesday, August 16, 2016

202.මගේ මූසික හදවත



අඳුරු සෙවණැලි සෙවන යට සැඟැවී
අතීතෙන් අත් හැරුණු දවසක කොනක ගුලිවී
ඉව කරන ඉමිහිරි මතක මධු විත
මගේ මූසික හදවත

රුදුරු නිය පහුරු දැක සසැලී
දිවගගා පැරණි කැළලක්, කරමි එලි පෙහෙළී
ගිඩි ගිඩියෙ උඩ පැනපැන ගැටෙන ඉලඇට මත
මගේ මූසික හදවත

සොඳුරු පෙම් හසුන් සුවඳක කිමිදී
සැමරුම් මතින් යලිත් යලි යලිත් ඉපදී
සෙනෙහෙ රස හොයා කකියවන දත
මගේ මූසික හදවත

1 comment: