Monday, December 7, 2015

176. ලුමිනස් පාට




මම හදන්නෙම අහක බලන්න
ඔයා එන්නෙම ඇහේ ඇමිණෙන්න
ඇත්තමයි මදාරා,
මේ අඳුරු කන්තෝරුවට
ලා දළු පාට අත්බෑගයක් ගෙනාවේ මොකටද?

කවුළුවෙන් එපිට ඉල් වැහි,
කවුළුවෙන් මෙපිට ලේ මිදෙන ඒ.සී. හීතල,
උණුවතුර බෝතලය පවා ලුමිනස් පාට,
මා ඉතා අසරණ කර
ඔබේ අත්බෑගයේ පැහැ ගෙන
ලදල්ලක් විලස සැලි සැලී යන්නේ හදවත

ඇස් උපන්නෙම අහක බලන්න
ලුමිනස් පාට තියෙන්නෙ 
ඇස්වල ඇමිණෙන්න.

අවුකණ්නාඩි මහ දඩබ්බර
හිමායනය වෙන හිත උඩට
අවුරැල්ලක් අරන් ඔයා පායනකොට
මට කියන්න මදාරා,
අවුකණ්නාඩි කරන්නෙම හතුරුකම් නේද?

මං ඔළුව ගිනි අරං දඟලන්නෙ
වාර්තා ටික ඉවර කරගන්න
හෙට අනිද්දා දෙදවසට විතරක්
පරණ අත්බෑගයම අරගෙන එන්න


3 comments:

  1. අනේ මන්දා ඉතින් ඔව්වා නම්!! අත් බෑගයක් ඕනේමද? අපි වගේ ටියුලිප් බෑග් එහෙක බත් එකදාගෙන ගියාම මදිද??

    ReplyDelete
  2. Wowwwww! Marai ane 4 parak kiyewwa

    ReplyDelete