Thursday, July 23, 2015

81. මට ඇත්තම කියන්න!





ප්ලීස් ඩොක්ටර්,
මට ඇත්තම කියන්න,
මගෙ බඩේ පිපෙන්නේ මොන මල්ද?
පීරිසි වගේ පියෝනි මල්ද?
පැණි පිරුණු හත්පෙති මල්ද?
මේ තරම් සමනල්ලු පියාඹන්නේ ඒකද?

ඔය අතරෙ වල් රෝස පඳුරුත් තියෙනවද?
තියුණු කටු ඇනෙනවා රැවුම් පහරක් වැදෙනකොට
සමනල්ලු හිටි ගමන් මැරෙනවා දිගු දෙබැම සිහින් වෙනකොට

ප්ලීස් ඩොක්ටර්,
මට ඇත්තම කියන්න,
ලෙඩේ ඇත්තේ මල්වලද? සමනල් තටුවලද?





2 comments: